Saturday, November 29, 2014

8.ඇය යන්න ගියා මැකිලා...




අමරසිරි පිරිස් මහතාගේ  'ඇය යන්න ගියා මැකිලා..' ගීතය අසද්දී මගේ හිතට හැමදාමත් දැනෙන්නේ මහා දුකක්....
ඒ කුමක් නිසාද කියා හරියටම කියන්නට අමාරුයි...
නමුත් ඇහැට කඳුලක් ගෙනෙන මේ ගීය එක්ක...මට දැනෙන දේ මම මේ ලියා තැබුවේ....





හිතක් වී නම් එතරම්
කඳුලින්ම පෑරුණු
එහෙත් නිහඬව
සියලු ගිනි ඉසිලූ...
ඒ ඇයයි..
අම්මා......


ගීතයක් සේ ගලා ගිය ඇය
හෙමින් නිහඬව
සිහිල් ගුණයෙන්
තනා බාධක සිඳාලූ ලොව
කොහේ කවදා
යළි දකීවිද...

කිසිත් නොදොඩා යන්න ගිය ඇය
හෙලූ කඳුලක දැනේ උණුසුම
අදත් කවියක
එකම පදයක
යළිදු සොයනෙමි
ඒ සිහිල් ගුණ....

වසත් කාලය ඉකුත් වනු ඇත
යළිදු ඈ මෙහි නොඑනු නිසැකය
හිනාවෙන් පිරි මුවග දක්වා..
නමුදු තවමත් සොයමි
මම ඇය
අහිමි කවියක
මෙහි තබා ගිය...

6 comments:

  1. ඇය අහිමි විය
    නැවත නො එනු ලෙස
    යන්න ගිය බව
    දැනුන මුත් හිතට
    වසා දෙනයන
    කැඩපතක
    අභියසක හිද
    හොවා දෙනයන
    බලනු මැන සකි
    නුඹේ රුව
    තුල
    නොමියැදුන
    අම්මා.....

    මිට වඩා නොලියමි.... හැපිගේ පද වල කවි හරිම පැහැදිලි

    ReplyDelete
    Replies
    1. ඇස් පියාගෙන විඳින ඒ සෙනෙහස......
      දැනෙනවා...
      හැම විටම...


      ශානු......no more words...i feel what you said

      Delete
  2. බ්ලොගය පුරාම ගියා................. අලුත් ගමනට සුභ පැතුම්................ දිගට ම ලියන්න අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ස්තුතියි ඔබට.

      Delete
  3. මමත් ගොඩාක් ආසයි ඇය යන්න ගියා මැකිලා කියන ගීතයට..
    බොක්ක පුපුරන්න වදින්නේ ඒක.තව එකක් තියෙනවා කසුන් කල්හාරගේ අවසානයට පෙර ඈ ගියා කියන එකත් මගේ ඔලුවේ කැක්කුම හදවන්න තරමට වදිනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් දැනෙන්නේ ගීත කියෙන් කියද...ස්තුතියි උමා (දසුන්)

      Delete