ඒ කුමක් නිසාද කියා හරියටම කියන්නට අමාරුයි...
නමුත් ඇහැට කඳුලක් ගෙනෙන මේ ගීය එක්ක...මට දැනෙන දේ මම මේ ලියා තැබුවේ....
හිතක් වී නම් එතරම්
කඳුලින්ම පෑරුණු
එහෙත් නිහඬව
සියලු ගිනි ඉසිලූ...
ඒ ඇයයි..
අම්මා......
හිතක් වී නම් එතරම්
කඳුලින්ම පෑරුණු
එහෙත් නිහඬව
සියලු ගිනි ඉසිලූ...
ඒ ඇයයි..
අම්මා......
ගීතයක් සේ ගලා ගිය ඇය
හෙමින් නිහඬව
සිහිල් ගුණයෙන්
තනා බාධක සිඳාලූ ලොව
කොහේ කවදා
යළි දකීවිද...
හෙමින් නිහඬව
සිහිල් ගුණයෙන්
තනා බාධක සිඳාලූ ලොව
කොහේ කවදා
යළි දකීවිද...
කිසිත් නොදොඩා යන්න ගිය ඇය
හෙලූ කඳුලක දැනේ උණුසුම
අදත් කවියක
එකම පදයක
යළිදු සොයනෙමි
ඒ සිහිල් ගුණ....
හෙලූ කඳුලක දැනේ උණුසුම
අදත් කවියක
එකම පදයක
යළිදු සොයනෙමි
ඒ සිහිල් ගුණ....
වසත් කාලය ඉකුත් වනු ඇත
යළිදු ඈ මෙහි නොඑනු නිසැකය
හිනාවෙන් පිරි මුවග දක්වා..
නමුදු තවමත් සොයමි
මම ඇය
අහිමි කවියක
මෙහි තබා ගිය...
යළිදු ඈ මෙහි නොඑනු නිසැකය
හිනාවෙන් පිරි මුවග දක්වා..
නමුදු තවමත් සොයමි
මම ඇය
අහිමි කවියක
මෙහි තබා ගිය...
ඇය අහිමි විය
ReplyDeleteනැවත නො එනු ලෙස
යන්න ගිය බව
දැනුන මුත් හිතට
වසා දෙනයන
කැඩපතක
අභියසක හිද
හොවා දෙනයන
බලනු මැන සකි
නුඹේ රුව
තුල
නොමියැදුන
අම්මා.....
මිට වඩා නොලියමි.... හැපිගේ පද වල කවි හරිම පැහැදිලි
ඇස් පියාගෙන විඳින ඒ සෙනෙහස......
Deleteදැනෙනවා...
හැම විටම...
ශානු......no more words...i feel what you said
බ්ලොගය පුරාම ගියා................. අලුත් ගමනට සුභ පැතුම්................ දිගට ම ලියන්න අපි ඉන්නවා කියවන්න
ReplyDeleteඇත්තෙන්ම ස්තුතියි ඔබට.
Deleteමමත් ගොඩාක් ආසයි ඇය යන්න ගියා මැකිලා කියන ගීතයට..
ReplyDeleteබොක්ක පුපුරන්න වදින්නේ ඒක.තව එකක් තියෙනවා කසුන් කල්හාරගේ අවසානයට පෙර ඈ ගියා කියන එකත් මගේ ඔලුවේ කැක්කුම හදවන්න තරමට වදිනවා...
එහෙමත් දැනෙන්නේ ගීත කියෙන් කියද...ස්තුතියි උමා (දසුන්)
Delete