Saturday, December 27, 2014

9. නිකම් ඉන්න බැරුවට ලියපු ගීයක්....








මේක කියවලා ඔන්න ගැනුලමයි එහෙම මට කඩු පොලු දික් කරන් එනවා එහෙම නෙවෙයි....
බස්සි...ශානු...විශේෂයෙන්ම ...
හරිද.....

කට කහනවට ලිව්ව එකක් මේක....
මුණු පොතේම එල්ලිලා ඉන්න දුවෙක් ගැන අම්මෙක් ට දැනෙන අන්දම.....

කිරිහොද්දක් හදාගන්න
තවමත් බැරි මගේ දෝණි
මුණුපොතේ රස මසවුලු
දැනුම බෙදනවා.....

මැහුම් ගෙතුම් අත්කම් වැඩ
උපන්තේට නොකළ දැරිවි
අන්න බොලේ මම මහපුව
පොටෝ දානවා ....

මිදුලක ඉදලක් අල්ලා
නැති වුනාට කවදාවත්
හරි ලස්සන මල් පාත්ති
වවල තියනවා..

ලයික් කොමෙන්ට් ගැන ගැන නිති
හරි සතුටෙන් ඉන්න උඹව
දැක්කම මට අනේ අපොයි
කියල හිතෙනවා....

පාඩම් වැඩ අතපසු වි
විභාගයට මුණ දෙන්න
තව මහ කල් නැති බව
උඹ හොඳින් දන්නවා ...

ඒක මතක් කරපුවාම
මානව හිමිකම් අරුමය
නීති පොතෙන් අරන් මටත්
කියාල දෙනවා ...

බලු සුරතල් දරු සුරතල්
ඔය ඔක්කොම බලන් කියන්
මුණු පොතට උඹේ කාලය
ඔහේ මැරෙනවා...

අප්පච්චියි මායි ඉතින්
නොදන්නමුත් නව ලෝකය
උඹේ ගමන හරි කෙටි බව
ඉවෙන් දන්නවා....

ඉස්කෝලෙට කාසි පනම්
හොයාල දෙන දාඩිය බිඳු
මුණු පොතේ කොහෙවත් නෑ
කියල දන්නවා....

නව පන්නෙට ඇඳුම් ඇඳපු
කවුරුන්දෝ දෙමව්පියන්
නුඹේ පිටුවක හිනාවෙනව
මටත් පේනවා....

සමනල් ලොව හරි සොඳුරුයි
ඒත් අඳුර හරිම ලඟයි
වයසට හා ඉවට මගේ
නිතර දැනෙනවා...

ඕන කෙහෙල්මලක් වෙන්න
අද නම් මම උඹේ අම්මා
දුරකතනය අරන් ඉතින්
පොළවෙ ගහනවා..



4 comments:

  1. ඔය බුක් ඒක නැත්තම් අපේ රටේ ළමයි මීට වඩා බුද්ධිමත්......................... ෂුවර්...................

    ReplyDelete
  2. මේකනම් අර කොට බස්සිටම ලියපු එකක් , හොඳ වැඩේ ඔය බට කොස්සිට , තව තව ලියමු, හූ බට කොස්සි ඇද්ද ?

    ReplyDelete
  3. මතන් බස්සි කාලේ හොදා අපිට කොරන්ට විභාග නෑ නොවෑ අපි වැඩ කරන ජනතාවේ පුරුක් නොවෑ දාපම් බස්සි පහක් 😀 අපිට අදාල නැති කවියක් අපේ ළමයින්ට අදාල වෙයි හිකිස්(හැපියා අහු වෙයකු අපිට)

    ReplyDelete
  4. මරු! :)
    නිර්මාපකයා ආගිය අතක් නැත..කවුද මේවට වග කියන්නේ??

    ReplyDelete