විඳින්නට නොවේ.......දැනෙන්නට පමණි....
රෑට සුණු සහල් විඩ බතක් කොට උයා ගෙන
ලුණු මිරිස කට දන්න හදා දී රහ බැලුව
උදේ පාසල් යන්න කලින් මුව සිඹ ගත්ත
අම්මෙ උඹ පස් ගොඩට යට වුනේ කෙලෙසින්ද..
ඉරි තැලුණ බිත්තියක එලූ කඩමාලු ගෙන
තේ දල්ල එකින් එක නෙලන්නට ගියෙ නැද්ද
ගේ ඉහත්තේ කන්ද හැමදාම අපි දැක්ක
හෙන කඳක් සේ ගෙවල් යට කරන් ගියෙ කොහොම...
තේ දල්ල එකින් එක නෙලන්නට ගියෙ නැද්ද
ගේ ඉහත්තේ කන්ද හැමදාම අපි දැක්ක
හෙන කඳක් සේ ගෙවල් යට කරන් ගියෙ කොහොම...
මල් මිටක් අතට ගෙන පාර අයිනේ උන්න
එහෙම දවසක් තිබුණි වේල සරි කරගන්න
අප්පොච්චි ගේ සුසුම් උඹ ලඟම සැඟවුණිද
අම්මෙ ඒ වෙලාවෙත් උඹට මා සිහිවුණිද...
එහෙම දවසක් තිබුණි වේල සරි කරගන්න
අප්පොච්චි ගේ සුසුම් උඹ ලඟම සැඟවුණිද
අම්මෙ ඒ වෙලාවෙත් උඹට මා සිහිවුණිද...
ජය වේවා අදයි ආවේ...
ReplyDeleteස්තුතියි දේශකයා ...සාදරයෙන් පිලිගන්නවා
Deleteහැඟූම්බර විදිහට පද ටික ගොතල තියේ..
ReplyDeleteජය..
ස්තුතියි ඔබටත්....
Deleteහැපී නම ඇත් ළමයි
ReplyDeleteකවි පද ගොතා යසටා
ඒව කියවලු විගසා
පැන්නෙ කදුලක් ඇහෙන් බිමටා....
අපූරුයි හැපී දිගටම ලියාමු
ජයෙන් ජයම වේවා
මහේෂ් .....අපූරු කවියකින් කොමෙන්ටුවක් දුන්නාට ස්තුතියි
Delete.හරිම සංවේදී......හිතට දැනෙන්න ලියන්න හැපියා රුසියා...
ReplyDeleteහිහිහි....අනේ ඉතින් මං ගැන දන්නා කිඹුලි නේ ඔයා
Deleteහැපියෙන් පිරි හැපි බර්ත්ඩේ එකක් වේවා හැපියෝ.....
ReplyDeleteස්තුතියි බස්සි....සුබ පැතුමට
Deleteපුවත්පත් ලිපි පිටු ගානක් පේලි දාසයකින් හැඟීම් බරව අකුරු කරලා.
ReplyDeleteDude...බොහොම ස්තුතියි ඒ ඇගයුමට
Delete