Sunday, November 9, 2014

5.. කඳුලක්ම මිස අන් යමක් නොවේ...



විඳින්නට නොවේ.......දැනෙන්නට පමණි....







රෑට සුණු සහල් විඩ බතක් කොට උයා ගෙන
ලුණු මිරිස කට දන්න හදා දී රහ බැලුව
උදේ පාසල් යන්න කලින් මුව සිඹ ගත්ත
අම්මෙ උඹ පස් ගොඩට යට වුනේ කෙලෙසින්ද..


ඉරි තැලුණ බිත්තියක එලූ කඩමාලු ගෙන
තේ දල්ල එකින් එක නෙලන්නට ගියෙ නැද්ද
ගේ ඉහත්තේ කන්ද හැමදාම අපි දැක්ක
හෙන කඳක් සේ ගෙවල් යට කරන් ගියෙ කොහොම...


මල් මිටක් අතට ගෙන පාර අයිනේ උන්න
එහෙම දවසක් තිබුණි වේල සරි කරගන්න
අප්පොච්චි ගේ සුසුම් උඹ ලඟම සැඟවුණිද
අම්මෙ ඒ වෙලාවෙත් උඹට මා සිහිවුණිද...


හැමදාම ගෙට උඩින් මහා හෙවනක් දුන්න
ඒ කන්ද පස් ගොඩක් වුනේ කොයි විලසින්ද
ඉස්කෝලෙ නොයා ඉන්නට හැදූ මට ඉන්න
නොදී උඹ අප්පොච්චි එක්ක ගියෙ ඇයි මෙහෙම...





12 comments:

  1. ජය වේවා අදයි ආවේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකයා ...සාදරයෙන් පිලිගන්නවා

      Delete
  2. හැඟූම්බර විදිහට පද ටික ගොතල තියේ..
    ජය..

    ReplyDelete
  3. හැපී නම ඇත් ළමයි
    කවි පද ගොතා යසටා
    ඒව කියවලු විගසා
    පැන්නෙ කදුලක් ඇහෙන් බිමටා....

    අපූරුයි හැපී දිගටම ලියාමු
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ් .....අපූරු කවියකින් කොමෙන්ටුවක් දුන්නාට ස්තුතියි

      Delete
  4. .හරිම සංවේදී......හිතට දැනෙන්න ලියන්න හැපියා රුසියා...

    ReplyDelete
    Replies
    1. හිහිහි....අනේ ඉතින් මං ගැන දන්නා කිඹුලි නේ ඔයා

      Delete
  5. හැපියෙන් පිරි හැපි බර්ත්ඩේ එකක් වේවා හැපියෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි....සුබ පැතුමට

      Delete
  6. පුවත්පත් ලිපි පි‍ටු ගානක් පේලි දාසයකින් හැඟීම් බරව අකුරු කරලා.

    ReplyDelete
    Replies
    1. Dude...බොහොම ස්තුතියි ඒ ඇගයුමට

      Delete