Saturday, November 22, 2014

7. එදා මෙදාතුර.........





    




එදවස
පැහැසර ව පිපුණු
මල් කොතෙක් තිබුණිද
මේ නිම්නයෙම
මා සැරිසරන...
අද
වියැළි තණ පත් පමණි
එකදු පැහැයක් නොරඳ
පඬුපාට පමණක්ම
ඉතිරි කල

8 comments:

  1. සියල්ලහ් අනිච්චං :D

    සමහර විට, එදා තිබුණු මල් ම හොයන දෑසට අලුත් නිල්වන් තණපත්, වෛවර්ණ මල් අසු නොවෙනවා විය නොහැකි ද..

    ReplyDelete
  2. ඒක නේන්නම්....සංසාරේ හැටි තමයි චන්දන....

    අලුත් මලුත් පිපෙන්නේ නැතැයි වැහි රැල්ලක් දෙකක් වැටුනම...

    ReplyDelete
  3. සෘතු වෙනස්වීමක් පමණයි..

    ReplyDelete
    Replies
    1. එහෙමද,,,,,,,ඒ කියන්නේ ආයේම ඒ මල්ම පිපෙනවා ද

      Delete
  4. කටාර ඇවිත් වෝටර් බෙන්ඩින් කලා ඒකයි මල් ටික මැරුණෙ...
    හිහි

    ReplyDelete
    Replies
    1. ඕකනේ කරන්න බැරි,,,,,මම කිව්වා වෙලාවට වතුර ටික ඕන කියල

      Delete
  5. ඒ මලුත්
    මේ මලුත්
    එකම මල් විය නොහැකිද
    පදුරත්,පැහැයත්,හැඩයත්
    අහිමි වුන ;) එලස් ඈ

    ReplyDelete
    Replies
    1. හැම මලම එකම බිම
      නොපිපුනද එක ලෙසම
      එකම විය හැකි වේය....
      සුවඳ ගුණ රුව
      මතින...

      තෑන්ක් යූ ඈ

      Delete