Tuesday, October 28, 2014

2. happy ගේ සතුටු ගී ..

happy ඉඳල හිටලා කවි සින්දු ලියන්න කැමතියි...ඉඳ හිට happy ලියපු කවියක් කතාවක් බ්ලොගේ පල කලාට කමක් නැහැ නේ නේද....
මේ තියෙන්නේ happy දවසක් full ම full happy මූඩ් එකේ ඉද්දි ලියවුන කවි පේළියක්...
අපි ජිවත් වෙන්නේ කොච්චර ටික කාලයක්ද.....ඒ ටික කාලේ සතුටින් ඉන්න නේද අපි මේ ඔක්කොම කරන්නේ...


ඒත් එහෙමයි කියල happy ත් ඔය කියන තරම්ම happy ම මූඩ් එකේම ඉඳල නැහැ...
හැබැයි වෙලාවකට happy ට හිතෙනවා....ඉගිල්ලෙන්න තරම් සතුටක්...
ඔන්න දවසක් ඉගිල්ලෙන්න හිතුන වෙලාවක ඉබේම ලියවුන කවියක් තමයි මේ...


නිල් සඳ මඬල යටින් පිණි වැටෙනා හැන්දෑවක
මල් ලියකම් ඉහිරුණු නිල්ල නිලන තුරු ගොමුවක
විල් තෙර අසල නිදන හස රෑනක මුණු මුණුවක
ඉල් මහ ගෙවෙන දිනෙක ලියමුද අපි එක යායක...

හිත වට නැගෙන සුසුම් එකිනෙක අහුරා පැසකට
නෙත පිරි කඳුළු සුසුම් දෝතින් ගෙන එක මිටකට
අත දිග දුරින් එහා නෙතු නොගැටෙන මහ දුරකට
හිත හැර ඉවත හරිමු අපි ඉඩ හැර දී සතුටට...

හිනැහෙන කිරිල්ලියක් වී ඉගිලෙමි එන්න නුඹත්
පායන හිරු යට ඇති අහස අපෙයි අදත් හෙටත්
මියැදුන ඊයේ මෙන් තව නුපන් අහිමි හෙටත්
හිනැහෙන අද මිස අපි කුමට සොයමු ඉතින් තවත්.....




happy ගේ කවි අහල හිතුන මොනවා හරි තියේ නම් කියල යන්න හොඳේ...

4 comments:

  1. අප්පා මෙයා කවි කාරියක්නේ ...

    බලන් ගියාම ලේසි නෑ..ආයෙත් ඉගිල්ලෙන්න හිතුනොත් ආයෙහ් කවියක් ලියවෙයි නේ

    ReplyDelete
    Replies
    1. මං කවි කාරිලු මං කවිකාරිලු..
      ගජමන් නෝනට වැඩි කවිකාරිලු....

      හපොයි ඉල්ලගෙන කන්න හදන්නේ නේද...? මං

      Delete
  2. හැපියෝ ඔන්න අපිත් ආවෝ....

    කවිය මල් හතයි - කොල පහයි...!!!

    ReplyDelete
    Replies
    1. බස්සිගේ අදහසට හැපිට මාර හැපිලු ඈ

      Delete