Monday, October 27, 2014

1. Happy ගේ ලෝකය



Happy කියන්නේ ටිකක් වෙනස් ටිකක් අමුතු එක්කෙනෙක්.නමෙන් Happy වුණාට හැම තිස්සෙම happy ඉන්නේ සතුටින්ම කියල නම් ඔන්න වරදවා හිතන්න එපා.Happy ට වෙලාවකට ලෝකේ තියන ඔක්කොම ප්‍රශ්න එයාගේ කියලත් හිතෙනවලු.තවත් වෙලාවකට කගේ හරි කඳුළු ටිකක් ඉල්ලන් අඬන්න තරම් Happy මෝඩයි කියලත් මට ......ඒ කියන්නේ මේ Happy ටම හිතෙනවා....

Happy එක්ක ඉන්න අපූරු යාලුවෝ ටික නිසාම Happy ට හිතුන පොඩි බ්ලොග් එකක් ලියන්න....



Happy ඉතින් හිටපු ගමන් එන නොකියම යන ඔල්මොරොන්දම් චරිතයක් නිසා...මේ බ්ලොගේ ගැන ලොකු රෙකමෙන්ඩේශන් එකක් Happy ටම දෙන්න අමාරුයි....මොකද කියනවා නම් Happy හිතන් ඉන්නෙ මේ ලෝකේ වැඩියෙන්ම වැඩ අධික එයාටයි කියල....

නමුත් ඔය යන එන ගමන් දකින ඒවා හිතෙන ඒවා...Happy වන මම හිතන්නේ මහා අමුතුම තාලෙකට....ඒවත් කොහේ හරි ලියන්න එපයි දෙයියනේ....නැත්නම් කවද හරි Happy එක්කම මේ වටිනා කියන අදහස් වලපල්ලට යාවි....

ඉතින් ...ඔබතුමාලා...ඔබතුමියන්ට මම Happy ගේ බ්ලොගේ සැරිසරන්න එන්න කියල ආරාධනා කරනවා...


දැන් ඉතින් මේකේ මොකුත්ම නැහැ කියල මට ඒ කියන්නේ මේ Happy ට බනින්න එපා...
හිතල බලන්නකෝ...මොකුත්ම නැතුව මෙහෙම බ්ලොගක් පටන් අරන් තියන එකත් කොයිතරම් සන්තෝස වෙන්න කාරණයක්ද නේද?......


7 comments:

  1. එහෙම නම් ඔන්න මාත් ආවා,ලියමුකෝ බලන්න happy ගේ කතන්දර ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. happy ලියනවා ලු ඔන්න බලන්නකෝ....දිරි දුන්නාට තෑන්ක් යූ

      Delete
  2. Happy හැප්පි හැප්පි ලියන්නේ නැතුව එකදිගටම ලියනවානම් ,ඔන්න අපි එනවා කියවන්න.

    "Happy හිතන් ඉන්නෙ මේ ලෝකේ වැඩියෙන්ම වැඩ අධික එයාටයි කියල" පුහ් , එච්චර බිසී කෙනෙක්ද?

    තව එකක් ලියන්න අමතක වෙලා, Happy කියලා නැති වුනාට එයාට හොදටම පිස්සු .

    කෝ මේකේ බ්ලොගර් ෆලොවර් එක. ඒක දාන්න

    ReplyDelete
    Replies
    1. මේකේ කමෙන්ට් මොඩරේෂන් අයින් කරන්න , නැත්තම් කමෙන්ට් කරන්න ගියාම Happy එක්ක මල පනිනවා

      Delete
    2. happy ව කේන්ති ගස්සන්න එපා....happy ගේ කතා පෙට්ටියේ මඩ එහෙමත් ඕන තරම් තියනවාලු
      ඉවාන් මල්ලි ටත් තෑන්ක් යූ කිව්වා මේ කල උදව්වට ඈ

      Delete
  3. හැපියෝ ඔන්න අපිත් ආවෝ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා බස්සි....

      Delete