-------------ඇස් --------------
බසයේ කවුලුවෙන්
බලා උන්නෙමි ඉවත
පසුවෙවී ඇදෙන
දහසකුත් එකක් මුහුණු
හමු වෙවී වෙන් වෙන
ඇස් මානයෙන් දුර ඇදෙන
බලා උන්නෙමි ඉවත
පසුවෙවී ඇදෙන
දහසකුත් එකක් මුහුණු
හමු වෙවී වෙන් වෙන
ඇස් මානයෙන් දුර ඇදෙන
පෙම්වතෙකු දෑතේ වෙලෙන
සුන්දරම වූ යුවතියක
ඇස් දිටිමි අහම්බෙන්
කතා නොමැතිව උනුන්
දහසකුත් දේ කියන
ඇස්...
සුන්දරම වූ යුවතියක
ඇස් දිටිමි අහම්බෙන්
කතා නොමැතිව උනුන්
දහසකුත් දේ කියන
ඇස්...
මවුන් ඇකයෙන් ගිලිහ
කුණු කානුවක් අසල
ඉඳුල් බත් සුණු බුදින
කිළිටි වත ඔසවමින්
මා දිහා බැලු
ඇස්...
කුණු කානුවක් අසල
ඉඳුල් බත් සුණු බුදින
කිළිටි වත ඔසවමින්
මා දිහා බැලු
ඇස්...
කඳුලු කබ පුරා ගිය
හැඟුම් විරහිත ලෙසින
දුර ඈත බලා උන්
වියපත් වු මහලු ගත
අවසඟව දරා උන්
ඇස්....
හැඟුම් විරහිත ලෙසින
දුර ඈත බලා උන්
වියපත් වු මහලු ගත
අවසඟව දරා උන්
ඇස්....
මත් වෙමින් සුරා සැල්
දොර අගින් නික්මෙනා
පඩි පතක සොච්චමද
අනුන් හට පුද කරන
පියෙක් යැයි නොකිව හැකි
මිනිසෙකුගෙ
ඇස්...
දොර අගින් නික්මෙනා
පඩි පතක සොච්චමද
අනුන් හට පුද කරන
පියෙක් යැයි නොකිව හැකි
මිනිසෙකුගෙ
ඇස්...
හෙම්බත් ව බලා ඉමි
මේ ඇදෙන ඇස් අතර
නෙතු පියා ඉසුඹු ලමි
නිවා ලනු රිසින්
මගේ
ඇස්....
මේ ඇදෙන ඇස් අතර
නෙතු පියා ඉසුඹු ලමි
නිවා ලනු රිසින්
මගේ
ඇස්....
ඇස්.. පිස්සු හැදෙන ඇස් :D
ReplyDeleteකවිය නම් සෝයි !!
ස්තුතියි චන්දන .....
Deleteකවිය නම් පට්ටයි හැපියෝ...!!
ReplyDeleteඔහොම කියද්දී happy ට මාර happy ලු බස්සියෝ...
Delete